Monday, March 27, 2023

වැස්ස ...

වැස්ස නුඹ 🌧️

පොළොවේ ප්‍රේමවන්තිය...

නැති දාට හඬා වැටෙන

ඇති දාට දොස් කියන

මහ පොළොවට

කොයි තරම්නම් ආදරෙයිද නුඹ...

ඕනෙම කාලෙට ඕනෙම වෙලාවට

මහ පොළොව සිපගන්න 

සනසන්න ළඟ ඉන්න

ප්‍රේමවන්තියක් නුඹ...

දොස් අහලා බැරිම තැන 

පලිගන්න දෝරෙ ගලන 

අමනාප පිරිමහන 

ප්‍රේමවන්තියක් නුඹ...

සමා දී දොස්වලට

ආදරෙන් නික්ම යන

අවැසි තැන ආයෙ ඇවිත්

සනසලා දොස් අහන

සැබෑ ම ප්‍රේමවන්තියක් නුඹ 

මේ කුරිරු මහ පොළොවට 

හැමදාමත් ආදරේ කරන....

       ✍️සචී_