Wednesday, June 14, 2023

ඩෝනට්ස්

ඩෝනට්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පිටි 300g          
  • සීනි මේස හැඳි 5යි.
  • බේකින් පවුඩර් තේ හැඳි 1යි
  • බිත්තර 1යි.
  • කිරි කෝප්ප 2යි
  • තෙල් අවශ්‍ය ප්‍රමාණයට
  • අයිසින් සීනි 100g
  • වර්ණක
  • ස්පින්කර්ස් 
සාදා ගන්නා ආකාරය:
  පාන් පිටි 300gට සීනි මේස හැඳි 5ක් මිශ්‍ර කරගන්න.එයට බේකින් පවුඩර් පුරවන ලද තේ හැඳි 1ක් ,බිත්තරයක් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.එයට කිරි හෝ වතුර එක්කර අතේ නොඇලෙන බදමට මිශ්‍රණය සාදාගන්න.සාදාගන්නා ලද පිටි බෝලය පාන් පිටි ඉසින ලද බෝඩ් එකක් උඩට එය දමා ඊට ද හොඳින් පාන් පිටි ස්වල්පයක් දමා එය තුනී කරගන්න.අච්චුවක් ආධාරයෙන් එය රවුම් කපාගන්න.පසුව කපන ලද රවුමෙහි මැද කුඩා රවුමක් ද එලෙස ම සාදාගන්න.මැද රවුම ඉවත් කර කපා ගන්නා ලද රවුම් ගැඹුරු තෙලේ බැදගන්න.රන්වන් පාට වන තුරු බැදගන්න.
    මීළඟට ඩෝනට් එක රසවත් කරගන්නා ග්ලේස් එක සාදා ගන්න.අයිසින් සීනි 100gට කිරි මේස හැඳි 2ක් මිශ්‍ර කර හොඳින් කලවම් කරගන්න.එයට වර්ණක බින්දු 2ක් එකතු කරගන්න.
    බදින ලද ඩෝනට්ස් සාදා ගත් ග්ලේස් එකේ දවටාගන්න.ඩෝනට්ස් ලස්සන කිරීම සඳහා ඒවා මතට ස්පින්කර්ස් එක් කරන්න.දැන් ඔබට ඉතා රසවත් ඩෝනට්ස් රස විඳින්න පුළුවන්😍🍩 

චොක්ලට් බිස්කට් පුඩින්

 චොක්ලට් බිස්කට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • චොක්ලට් බිස්කට් 100g     
  • මාරි බිස්කට් 8යි.
  • කිරිපිටි මේස හැඳි 1යි
  • උණුවතුර කෝප්ප 1/4


සාදාගන්නා ආකාරය:
   පළමුව චොක්ලට් බිස්කට් 100gහි ක්‍රීම් ඉවත් කරගන්න.කිරිපිටි මේස හැඳි 1ට උණුවතුර කෝප්ප 1/4ක් එකතු කර ගන්න.එයින් තේ හැඳි 1ක් පමණක් ඉතිරි වන සේ එය ක්‍රීම් ඉවත් කරන ලද චොක්ලට් බිස්කට් සමඟ එක්කර හොඳින් දියකර ගන්න.පසුව එය හොඳින් දිය වූ පසු මාරි බිස්කට් 8ක් පමණ කැබලි කර එකතු කරගන්න.එය හොඳින් මිශ්‍ර කරගන්න.පසුව හැඩ සහිත භාජනයක් ගෙන එයට ලන්ච්ෂීට් එකක් එලා සාදාගත් මිශ්‍රණය එයට දමා හොඳින් තද කරගන්න.ඒ මතට ඉවත් කරගත් චොක්ලට් ක්‍රීම් එක්කරන්න.ඒ මතට කිරි තේ හැඳි 1ක් දමා හොඳින් තුනී කරගන්න.පසුව ෆ්‍රිජ් එකේ යට කොටසේ පැය 4ක් පමණ තබා ගන්න.දැන් ඔබට රස ම රස චොක්ලට් බිස්කට් පුඩිමක රස බලන්න පුළුවන්😍🍮️ .

සන්නිවේදනය

 

සන්නිවේදනය

    

    සන්නිවේදනය යනු අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියයි.සන්නිවේදනය යන වචනය සඳහා ඉංග්‍රීසි භාෂාවේ දී භාවිත කරනු ලබන්නේ කොමියුනුකේශන් යන පදයයි.එය ලතින් භාෂවේ මියුනිස් යන පදයෙන් බිදී ආවකි.එය මෙසේ දැක්විය හැකිය.

 මියුනිස් යන්නෙහි තේරුම පොදු බවට පත් කිරීම නැතහොත් රහස්‍ය භාවයෙන් තොර වීම යන්නයි.එසේම ඉංග්‍රීසි වචනයේ ද තේරුම වන්නේ තොරතුරු හා අදහස් හුවමාරුව සන්නිවේදනය ලෙසයි.සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වත්හු විවිධ අදහස් පල කරති.මේ පිළිබඳව පළමු අදහස් කිහිපයක් සලකා බලමු.

 

'කවුරුන් විසින් කුමක් කිසියම් මාධ්‍යක් ඔස්සේ කවරෙකු හට කිනම් බලපෑමක් සඳහා කියනු ලබයි ද එය සන්නිවේදනය වේ.'

-මහාචාර්‍ය හැරෙල් ඩී ලැස්වෙල්-

 

'තොරතුරු රැස් වූ සංඥාවක් මඟින්  දෙපිරිසක් අතර සමාන මානසිකත්වයක් ඇති කිරීම සන්නිවේදනයයි.'

-විල්බර් ශ්‍රාම්-

'සන්නිවේදනයෙන් තොරව කිසියම් සමාජයක හෝ සන්නිවේදනයක පැවැත්මක් නොමැත.'

-විල්බර් ශ්‍රාම්-

'එක් තැනක දී තෝරාගත් පණිවිඩයක් තවත් තැනක දී ඒ ආකාරයෙන් ම ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි.'

-ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්-

'සන්නිවේදනය යනු එක් අයකුගේ හෝ කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර පොදු බවට පත් කරගැනීමයි.'

-ඇලෙක්සැන්ඩර් බෝඩ්-

'වාචිකව හෝ ලිඛිතව හෝ සලකුණු මඟින් හෝ අදහස්,දැනුම,තොරතුරු ඵල කිරීම,බෙදාහැරීම,බෙදා දීම සහ ව්‍යාප්තිය සන්නිවේදනය නම් වේ.'

-ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය-

    ඉහත දැක්වූ ආකාරයට සන්නිවේදනය යනු අදහස් සහ තොරතුරු හුවමාරුවට එහා ගිය පුළුල් ක්‍රියාවලියක් බව පෙන්වා දිය හැකි ය.

    සන්නිවේදනයේ ආරම්භය හා විකාශනය සලකා බැලීමේ දී සන්නිවේදනයේ අරම්භය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය තෙක් ම දිව යන බව පෙනී යයි.මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්‍ය විල්බර් ශ්‍රාම් පෙන්වා දෙන්නේ මිනිසා මිහි මත ගෙවූ දිගු ඉතිහාසය එක් දිනයක් යැයි සැලකුවහොත් ඊයේ මධ්‍යම රාත්‍රියට මොහොතකට හෝ පෙර සන්නිවේදනය ආරම්භ වූ බවයි.මෙයින් පැහැදිලි වන්නේ මානව සම්භවයේ ආරම්භයත් සමඟ ම ඔහුගේ සන්නිවේදනයේ ආරම්භය ද සිදු වූ බවයි.

    අතීතයේ විවිධ භාෂක සමාජ විවිධ භාෂා නිර්මාණය කර තිබේ.භාෂක ක්‍රමයක් සොයා ගැනීමෙන් පසුව මිනිසාගේ අවශ්‍යතාවය වූයේ ලේඛණ ක්‍රමයක් සොයා ගැනීමයි.

    මුල් කාලයේ දී චිත්‍ර මඟින් යම් යම් දේවල් සන්නිවේදනය කර ගත්හ.අනතුරුව රූපාක්ෂර ද,වචනාක්ෂර ද,තනි ශබ්ද ආශ්‍රිත අකුරු ද නිර්මාණය කරගත් හ.විධිමත් අක්ෂර මාලාව නිර්මාණය කරනු ලැබූයේ ඉන් අනතුරුවයි.ඒවා ද විවිධ පරිවර්ථනයන්ට ලක් වී ඇත.අකුරු හා අක්ෂර මාලාව නිර්මාණය කර ගැනීමත් සමඟ ලේඛනය බිහි වූ අතර ලේඛනය සඳහා සුදුසු මාධ්‍යක් සකස් කර ගැනීම ඊළඟ අවශ්‍යතාව විය.මුල් කාලයේ දී වැලි පුවරු,මැටි පුවරු,ගස්වල පොතු,පැපිරස් පතුරු ආදියෙහි ලියන ලදී.ඉන් පසු චීන ජාතික සායි ලූන් විසින් ක්‍රි.පූ.105 දී කඩදාසිය නිපදවා ගන්නා ලදී.ජ‍ර්මන් ජාතික ජොහැන්ස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් සමඟ ම මුද්‍රණ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති විය.ඉන් අනතුරුව ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකතනය ද,ගුග්ලිමෝ මාර්කෝනි ගුවන්විදුලිය ද,ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනිය ද නිපදවීම සන්නිවේදනයේ මහා පෙරළියකට හේතු විය.අද වන විට පරිගනක තාක්ෂණය,චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය නිර්මාණය කරගෙන ඇත.ඒ හරහා විශ්ව ගම්මාන සංකල්පය නිර්මාණය වී තිබේ.

    මේ අනුව පෙනී යන්නේ නූතන සමාජය තුළ සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශාල වර්ධනයක් සිදු වී ඇති බවයි.

               සචිනිකා තිසාරා රාජපක්ෂ.


Thursday, June 8, 2023

කොඩිවිනය

 සොහොන්වල පිපී ඇති

අරලියා දනීනම්

එහි රැඳී ඇත්තේ ම

මිනිස් සාරය බවක්

ස්වභාදහමට කරන

කොඩිවිනය දැක දැකත්

පිපේවිද අරලියා

සොහොන් බිම්වල තවත්...



Monday, May 29, 2023

මතක...

ඇත්කඳ වෙහෙර වඳින ඇත්කඳ ලිහිණි රෑන

අද මට ලස්සන කතාවක් කිව්වා🤗

ඇතුගල වගේ නොසෙල්වෙන ඒ ආදරේ රන්තාලිය වැවේ පතුළෙම අද ඔයා හැංගුවලු💔

වැවේ රැළි වෙනදා ඔයා එක්ක එකතු වෙලා මට බැන්නලු ඔයාව තනියම එව්වා කියලා🥺

අද ඔයා ඈතින් එනවා දකිද්දී රැළි හරි ලස්සනට හිනා වුනාලු ගොඩාක් සතුටින්😊

වෙනදා වගේම යාළු වෙලා අපි දෙන්නා ආයේ එනවා කියලා💝

ඒත් නුහුරුයිලු නුපුරුදුයිලු.

හිතුවලු මං වෙනස් වෙලා කියලා🥰🤫

ඒත් පුංචි හිරි පොද වැස්සක් එක්ක

අහසින් පණිවිඩයක් එවලා💌💔

ඒ මම නෙවෙයි වෙන කෙනෙක් කියලා🙂

කුරුණෑගල අහසට ඒක දරාගන්න බැරි වුනාලු

ඉතිං අහසත් අද හඬනවාලු...😔

ඒ අහසේ කඳුළු එක්ක අපේ මතක හේදිලා ගියාලු 🥀

ඔයාලගේ මතක පොතක් දිගහැරුණලු✨️️💏✨️

මගෙ හිත ගිනිවැදුනද කියලා ඇත්කඳ ලිහිණියා අහද්දී මම කිව්වේ....

 "ඒක...

මේ දැන් පිච්චිලා අළු වුණා" 

කියලා💔

ඉතිං වෙහෙර මළුවෙ මං මොකට හඬන්නද?

ඔයා සතුටින්නම්❤️‍🩹🤗

      ✍️සචී_



බිඳුනු සිත

 තරුව නුඹ නැති දාට

මගේ අහස පාළු වුනත්😔

නුඹ කියා නුඹ කිව්ව

ඒ තරුව නොවරදවා ම

හඳ ළඟින් ම 

ඉහළ අහසේ පායාවි

මුළු අහස ම ලස්සන කරන්න️✨️

ඒ ඇති මට සැනසෙන්න🙂🥀

✍️සචී_


නුඹ

💜️නුඹ වටා පණුවන් ගොළුබෙල්ලන් ඇත🐛🐚

ඔවුන් නුඹව කා විනාශ කිරීමට තැත් දරයි

වියළි කොළ ඇත🍁🍂

එය නුඹව අවලස්සන කිරීමට තැත් දරයි

කටු පඳුරු ඇත🍃🌵 

එය ඔබව බිය ගැන්වීමට තැත් කරයි

මඩ ගොහොරුවක වුවත්

ඒ සියල්ල අතරින් අගේට පිපීගෙන එද්දී

නුඹේ පෙති පළුදු වේවි🥀💮

නමුත් ලස්සනට පිපීයන්🌸

පිපී පර වී යන අතර

යමෙකුට සිතෙන්නට සියල්ල අතරින් ඔබව නෙළාගැනීමට.....💐💜️

     ✍️සචී_


අප්පච්චීට දූගෙන්...

සිතින් සිර කළ දහස් සිතුවිලි 

රැගෙන පෙර මඟ බලා හිඳියෙමි.....

දුකින් සතුටින් ගෙවෙන හැම

තප්පරේ මම නුඹ සිහි කරන්නෙමි.....

දිනක් එනතුරු දෙපා ළඟ 

වැතිරිලා සිතුවිලි දිගහරින්නට.....

සිතුව මුත් සිහි උනා නුඹ මා 

හැර ගිහින් දැන් ගොඩක් කල් වග.....

ඉතිං මං දැන් අහසෙ තරුවට 

කියන්නම් ජීවිතේ විස්තර.....

ඔයා තරුවෙන් අහගන්න දූ 

සතුටින්ද නැතිවාද යන වග.....

✍️සචී_