සන්නිවේදනය
මියුනිස්
යන්නෙහි තේරුම පොදු බවට පත් කිරීම නැතහොත් රහස්‍ය භාවයෙන් තොර වීම යන්නයි.එසේම
ඉංග්‍රීසි වචනයේ ද තේරුම වන්නේ තොරතුරු හා අදහස් හුවමාරුව සන්නිවේදනය
ලෙසයි.සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වත්හු විවිධ අදහස් පල කරති.මේ පිළිබඳව පළමු
අදහස් කිහිපයක් සලකා බලමු.
'කවුරුන් විසින් කුමක් කිසියම් මාධ්‍යක්
ඔස්සේ කවරෙකු හට කිනම් බලපෑමක් සඳහා කියනු ලබයි ද එය සන්නිවේදනය වේ.'
-මහාචාර්‍ය හැරෙල් ඩී ලැස්වෙල්-
'තොරතුරු රැස් වූ සංඥාවක් මඟින් දෙපිරිසක් අතර සමාන මානසිකත්වයක් ඇති
කිරීම සන්නිවේදනයයි.'
-විල්බර් ශ්‍රාම්-
'සන්නිවේදනයෙන් තොරව කිසියම් සමාජයක
හෝ සන්නිවේදනයක පැවැත්මක් නොමැත.'
-විල්බර් ශ්‍රාම්-
'එක් තැනක දී තෝරාගත් පණිවිඩයක් තවත්
තැනක දී ඒ ආකාරයෙන් ම ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි.'
-ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්-
'සන්නිවේදනය යනු එක් අයකුගේ හෝ
කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර පොදු බවට පත්
කරගැනීමයි.'
-ඇලෙක්සැන්ඩර් බෝඩ්-
'වාචිකව හෝ ලිඛිතව හෝ සලකුණු මඟින් හෝ
අදහස්,දැනුම,තොරතුරු ඵල කිරීම,බෙදාහැරීම,බෙදා දීම සහ ව්‍යාප්තිය සන්නිවේදනය
නම් වේ.'
-ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය-
ඉහත දැක්වූ ආකාරයට සන්නිවේදනය යනු
අදහස් සහ තොරතුරු හුවමාරුවට එහා ගිය පුළුල් ක්‍රියාවලියක් බව පෙන්වා දිය හැකි ය.
සන්නිවේදනයේ ආරම්භය හා විකාශනය සලකා බැලීමේ දී සන්නිවේදනයේ අරම්භය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය තෙක් ම දිව යන බව පෙනී යයි.මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්‍ය විල්බර් ශ්‍රාම් පෙන්වා දෙන්නේ මිනිසා මිහි මත ගෙවූ දිගු ඉතිහාසය එක් දිනයක් යැයි සැලකුවහොත් ඊයේ මධ්‍යම රාත්‍රියට මොහොතකට හෝ පෙර සන්නිවේදනය ආරම්භ වූ බවයි.මෙයින් පැහැදිලි වන්නේ මානව සම්භවයේ ආරම්භයත් සමඟ ම ඔහුගේ සන්නිවේදනයේ ආරම්භය ද සිදු වූ බවයි.
අතීතයේ විවිධ භාෂක සමාජ විවිධ භාෂා නිර්මාණය කර තිබේ.භාෂක ක්‍රමයක් සොයා ගැනීමෙන් පසුව මිනිසාගේ අවශ්‍යතාවය වූයේ ලේඛණ ක්‍රමයක් සොයා ගැනීමයි.
මුල් කාලයේ දී චිත්‍ර මඟින් යම් යම් දේවල් සන්නිවේදනය කර ගත්හ.අනතුරුව රූපාක්ෂර ද,වචනාක්ෂර ද,තනි ශබ්ද ආශ්‍රිත අකුරු ද නිර්මාණය කරගත් හ.විධිමත් අක්ෂර මාලාව නිර්මාණය කරනු ලැබූයේ ඉන් අනතුරුවයි.ඒවා ද විවිධ පරිවර්ථනයන්ට ලක් වී ඇත.අකුරු හා අක්ෂර මාලාව නිර්මාණය කර ගැනීමත් සමඟ ලේඛනය බිහි වූ අතර ලේඛනය සඳහා සුදුසු මාධ්‍යක් සකස් කර ගැනීම ඊළඟ අවශ්‍යතාව විය.මුල් කාලයේ දී වැලි පුවරු,මැටි පුවරු,ගස්වල පොතු,පැපිරස් පතුරු ආදියෙහි ලියන ලදී.ඉන් පසු චීන ජාතික සායි ලූන් විසින් ක්‍රි.පූ.105 දී කඩදාසිය නිපදවා ගන්නා ලදී.ජර්මන් ජාතික ජොහැන්ස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් සමඟ ම මුද්‍රණ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති විය.ඉන් අනතුරුව ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකතනය ද,ගුග්ලිමෝ මාර්කෝනි ගුවන්විදුලිය ද,ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනිය ද නිපදවීම සන්නිවේදනයේ මහා පෙරළියකට හේතු විය.අද වන විට පරිගනක තාක්ෂණය,චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය නිර්මාණය කරගෙන ඇත.ඒ හරහා විශ්ව ගම්මාන සංකල්පය නිර්මාණය වී තිබේ.
මේ අනුව පෙනී යන්නේ නූතන සමාජය තුළ සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශාල වර්ධනයක් සිදු වී ඇති බවයි.
සචිනිකා තිසාරා රාජපක්ෂ.
No comments:
Post a Comment